27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටම බලා ඉන්න ඡන්ද සටනේ ප්‍රතිඵලය සහ රනිල්ට පක්ෂ වෙන මන්ත්‍රීවරුන්ගේ තොරතුරු...

රටම බලා ඉන්න ඡන්ද සටනේ ප්‍රතිඵලය සහ රනිල්ට පක්ෂ වෙන මන්ත්‍රීවරුන්ගේ තොරතුරු මෙන්න – Exclusive Video

මේ වෙද්දි සියළු මන්ත්‍රීවරු ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සූදානම් වෙනවා.
විවිධ පක්ෂ සමග සාකච්ඡා පවත්වනවා.
ඇතැම් පක්ෂ නායකයින් තම පක්ෂයේ මතය ප්‍රසිද්ධ කර තිබෙනවා. හැබැයි බොහෝ මන්ත්‍රීවරු පවසන්නේ පක්ෂ නායකයා හෝ සභාපතිවරයාගේ මතය නොව ස්වාධීනව තම ඡන්දය භාවිත කරන බවයි.
පසුගිය දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තම පක්ෂය කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබා නොදීමේ තීරණයකද සිටින බවයි.
එසේ තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ඔවුන්ගේ ඡන්දය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවත් ඡන්ද 123 කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නා බවත් සහතික කර පවසා සිටියා.

ඔහුගේ හෙළිදරව්ව පහතින්…