― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිමල්ගේ වත්කම් නඩුව කල් යයි

විමල්ගේ වත්කම් නඩුව කල් යයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම් ඉක්මවා රුපියල් මිලියන 75කට අධික මුදල් හා වත්කම් උපයා ගැනීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද (18) නියම කළේය.

2009 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ සිය ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් විත්තිකරු විසින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ අධිකරණයේ පෙනී සිටිියේය.