26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - කාදිනල් හිමිපාණන්

හෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙන්න – කාදිනල් හිමිපාණන්

පක්‍ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා ජනතා අපේක්ෂා සාක්ෂාත් කළ හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි.

සියලු දෙනා වෙත ලිපියක් යොමු කරමින් කාදිනල් හිමිපාණන් මේ බව පැවසීය.

ජනතා අපේක්‍ෂා ඉටුකිරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට ලැබී ඇති ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ එම ලිපියේ දක්වා තිබේ.

සියලු විධායක බලතල සහිත ජනාධිපතිවරයකුටත් බලය අතහැරයෑමට සිදුවූ දුර්ලභ අවස්ථාවක, මව්බිමේ හෙට දවස වෙනුවෙන් ගත යුතු එම අතිශය තීරණාත්මක තීන්දුව දෙස රටේ දෙකෝටියකට වැඩි ජනතාව බලා සිටින බව එම ලිපියේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රැස්වී ජනතා මතයට පටහැනි තීරණයක් ගනු ඇතැයි ජනතාව තුළ විශාල බියක් පවතින බවත් කාදිනල් හිමිපාණන් පවසයි.

කෙටි කාලයකට ලැබෙන දේශපාලන බලයට වඩා ආත්ම ගෞරවයත් මව් රටේ ජනතා අභිප්‍රායත් වැදගත් නොමැතිදැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටියි.