27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන් ඡන්දෙට එන ලකුණු - පක්ෂයත් ලියාපදිංචි කරයි

අරගලකරුවන් ඡන්දෙට එන ලකුණු – පක්ෂයත් ලියාපදිංචි කරයි

ජන අරගලයේ නිරත පිරිස විසින් ඊයේ (18) ‘ජන අරගලයේ පුරවැසියෝ‘ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු කළේය.

ඒ සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඊයේ (18) බාරදී ඇති අතර මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එම ලියකියවිලි බාරදුන් බව අරගලකරුවන් පවසයි.

ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර එහිදී පැවසුවේ ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින බවයි.

කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතාවගේ දියුණුව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මේ අතර ඇතැම් අරගලකරුවන් ජාතික කොඩිය අවභාවිතා කිරිම සහ පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.