26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොටුවේ ටෙලිකොම් කාර්යාලය අසළ පුද්ගල ඝාතනයක්

කොටුවේ ටෙලිකොම් කාර්යාලය අසළ පුද්ගල ඝාතනයක්

කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය අසළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (18) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තියුණු ආයුධයකින් පහර කෑ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගමුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.