25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභයට සිංගප්පූරුවෙනුත් යන්න කියයි

ගෝඨාභයට සිංගප්පූරුවෙනුත් යන්න කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දින 15ක් තුළ සිංගප්පූරුවෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ගාලුමුවදොර අරගලකරුවන් ප්‍රමුඛ ඉහළ නැඟි ජනතා විරෝධය හමුවේ රටින් පලා ගොස් සිංගප්පූරුවේ සිට සිය ඉල්ලා අස් වීමේ ලිපිය ඉදිරිපත් කළ හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් මැද පෙරදිග රටකට පිටත්ව යාමට සැලැසුම් කරන බව වාර්තා වෙයි.

පසුගිය 13 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සෞදි එයාර් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගොඩ බට අවස්ථාවේදීම එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සාමාන්‍ය සංචාරකයකු ලෙස සිංගප්පූරුවට පැමිණි බවත් ඔහු දේශපාලන රැකවරණ ඉල්ලා නොමැති බවත්ය.

ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් මේ වන විට සිංගප්පූරුව ගැටලුවකට මුහුණ දී ඇති අතර මේ දක්වා සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඊළඟ ගමනාන්තය කුමක්ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.