26.1 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඝානාවෙන් හමු වූ මාබර්ග් ආසාදිතයින් දෙදෙනා ජීවිතක්ෂයට

ඝානාවෙන් හමු වූ මාබර්ග් ආසාදිතයින් දෙදෙනා ජීවිතක්ෂයට

ඉබෝලා වෛරසයට සමාන ‘මාබර්ග් වෛරසය’ වැළඳුණු ආසාදිතයින් දෙදෙනෙක් බටහිර අප්‍රිකාවේ පිහිටි ඝානා රාජ්‍යයෙන් හමු වූ බවට විදෙස් වාර්තා ඊයේ (18) සඳහන් කළේය.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් දෙදෙනා මිය ගොස් ඇති බව මේ වනවිට තොරතුරු වාර්තා වෙයි. රසායනාගාර වාර්තා මඟින් තහවුරු වී ඇත්තේ මාබර්ග් වෛරසය මෙම මරණවලට හේතුවී ඇති බවයි.

මෙම රෝගීන්ට පාචනය, උණ, ඔක්කාරය සහ වමනය ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව ඝානා සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේය.

කෙසේනමුත් මාබර්ග් වෛරසය සඳහා තවමත් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.