28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක් මෙරටට

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක් මෙරටට

චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සහල් තොගයේ තෙවැනි කාණ්ඩය ලෙස සහල් මෙට්‍රික් ටොන් 500ක් මෙරටට රැගෙනවිත් තිබේ.

ඒ අනුව මේ දක්වා කාණ්ඩ තුනක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 2500ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර චීනය විිසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 10000ක් පරිත්‍යාග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව වෙත චීනය ලබාදෙන යුවාන් මිලියන 500ක ආධාර තොගයේ කොටසක් ලෙස මෙය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. චීනයෙන් ලබාදෙන සහල් දිවයින පුරා පාසල්වල දිවා ආහාර අවශ්‍යතාව වෙනුවෙන් යොමු කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය ජීවනෝපාය ආධාර සැපයීම සඳහා බීජිං සහ කොළඹ යන දෙකම සමඟ සමීපව කටයුතු කරන බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.