26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති සටනට නාමයෝජනා කැඳවීම අදයි

ජනපති සටනට නාමයෝජනා කැඳවීම අදයි

අභිනව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා වන නාමයෝජනා භාර ගැනීම අද (19) දින පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේය.

ජනාධිපති ධුරය සඳහා එක් මන්ත්‍රීවරයකුට වඩා නාම යෝජනා ඉදිරිපත් කළ හොත් හෙට (20) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පවත්වන බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා මෙම තෝරාපත් කර ගැනීම සිදු කරන අතර ඊට අදාළ නාම යෝජනා අද දින භාර ගැනීම සිදු කිරීමට නියමිතය. ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති, අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් නාම යෝජනා භාර දීමට නියමිතය.