28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රට පුරා හදිසි අවස්ථා තත්ත්වයක් බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (18) නිකුත් කළේය.

මේ අතර ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා නාමයෝජනා භාරගන්නා අද දිනයේ කොළඹ නගරයේ සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්‍ෂාව දැඩිකර ඇත.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශයේ විශේෂ කණ්ඩායම් ආරක්‍ෂාව සඳහා යොදවා තිබේ. අරගලකරුවන් පාර්ලිමේන්තුවට කඩාවැදීමට උත්සාහ කළහොත් එය නතර කර ඔවුන් විසිරුවාහැරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

කැරලි මර්දන ඒකක සීරුවෙන් තබා ඇති අතර ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස් ප්‍රහාරක කණ්ඩායම්ද කොළඹට සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවලට කැඳවා ඇත.