― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලැබුණු ඉන්ධන තොග බෙදාහැරීම අද සිට

ලැබුණු ඉන්ධන තොග බෙදාහැරීම අද සිට

දුම්රිය සහ ට්‍රක්රථ මඟින් ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් කටයුතු අද (19) සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරටට පැමිණි ඩීසල් නෞකා 02ක ඉන්ධන තොග ඊයේ (18) වනවිට ගොඩබෑම අවසන් කළ බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.

එමෙන්ම දිවයිනට පැමිණි පෙට්‍රල් නෞකාවක සාම්පල පරීක්ෂා කිරීම් ඊයේ (18) සිදුකෙරුණා. එම නෞකාවේ ඇති පෙට්‍රල් තොග ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පොළොන්නරුව – මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හලට ඊයේ (18) ඉන්ධන ලැබීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ලැබූ ඉන්ධන තොග අවසන් වූ බවට ඉන්ධනහලේ සේවකයන් දැනුම්දීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් අහසට වෙඩි තැබීමක්ද සිදු කර තිබෙනවා.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ඉන්ධන නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා (21) සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.