26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රීලනිපයේ විශේෂ කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ

ශ්‍රීලනිපයේ විශේෂ කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා හෙට (20) පැවත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (19) පස්වරුවේ කැඳවා තිබේ.

මේ අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම ඡන්දය භාවිත කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

අද (19) පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභාවේදී සහාය පළකරන පාර්ශවය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේ තම පක්ෂය කිසිඳු ජනාධිපති ධුර අපේක්ෂකයෙකුට ඡන්දය ලබානොදීමට තීරණය කළ බවයි.

මේ අතර ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී කුමන අපේක්ෂකයාට සහය ලබා දෙන්නේ ද යන්න පිළිබඳව අද (19) පස්වරුවේ ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ අනෙකුත් පක්ෂවල නියෝජිතයන් පවසයි.