27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවසන් ඉලක්කම අනුව ඉන්ධන බෙදාහැරීම හෙට ඇරඹේ

අවසන් ඉලක්කම අනුව ඉන්ධන බෙදාහැරීම හෙට ඇරඹේ

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ ඊට අදාළ දිනය අනුව රටපුරා ඉන්ධන බෙදාහැරීම හෙට (21) ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.

එම ඉන්ධන බෙදාහැරීමට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අදාළ නොවන බවත් වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4 සහ 5 වන වාහන පමණක් අද දිනයේ ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බවත් කුමාර රාජපක්ෂ පවසයි.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වාගෙන් ඊයේ පස්වරුවේ කළ විමසුමේදී පැවසුවේ ඉන්ධන ප්‍රවාහන සඳහා වාර්තා කරන ලෙස ටැංකි රථවලට පස්වරුව දක්වා කැඳවීමක් කර නොමැති බවයි.

ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 80,000 කට ආසන්න සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 කට ආසන්න තොගයක් ඇති බව ද බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.