26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක් පුද්ගලයකුට මාසයක් ජීවත්වෙන්න රුපියල් 11,219ක් ප්‍රමාණවත්

එක් පුද්ගලයකුට මාසයක් ජීවත්වෙන්න රුපියල් 11,219ක් ප්‍රමාණවත්

එක් පුද්ගලයකුට රුපියල් 11,219 කින් මාසයක් ජීවත් විය හැකි යැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අනුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ මැයි මාසය සඳහා ප්‍රකාශයට පත්කළ නිල ජාතික දරිද්‍රතා සීමා දත්ත හා තොරතුරුවල මේ බව සඳහන් වේ. ඒ අනුව 4 දෙනකුගෙන් යුත් පවුලක් සඳහා මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට මාසයකට අවශ්‍ය අවම වියදම රුපියල් 44,876 ක මුදලක් වනු ඇත.

2012 සහ 2013 වසරේදී මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ජාතික මට්ටමින් එක් පුද්ගලයකුට වැය වන මුදල රුපියල් 5223 ක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවල සඳහන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන එක් පුද්ගලයකුට වැය වන මුදල රුපියල් 5429ක් වැය වේ.