25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් හමුදාව හා පොලීසිය අතරට ගොස් ස්තූති කරයි

ජනපති රනිල් හමුදාව හා පොලීසිය අතරට ගොස් ස්තූති කරයි

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක හමුදාව සහ පොලිසිය හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පස්වරුවේ ඔවුන්ට ස්තුතිය පළ ක⁣ළේය.

ජනාධිපති ධුරයට පත්වී පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරතුර සිය රථයෙන් බැස ආරක්ෂක හමුදාව අතරට ගිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය කළ මෙහෙවර පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම වෙනුවෙන් අද (20) දිනයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයේ දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ අතර ස්ථාන තුනකදී ජනාධිපතිවරයා රථයෙන් බැස හමුදාවන්ට ස්තුතිය පළ කිරීම විශේෂත්වයකි.