― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි - ඩලස්

මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි – ඩලස්

තමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්‍ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අද (20) පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රටේ තරුණයන් අපේක්ෂා කරන රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස වැඩබලන ජනපතිවරයාගෙන් ඔහු ඉල්ලා සිටියේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැවසුවා වගේම අපි මේ පසු කරන්නේ නිදහසෙන් පසුව ගත කරන අමාරුම කාල පරිච්ඡේදය. දියුණු ප්‍රජාතත්‍රවාදී ලක්ෂණයක් පාර්ලිමේන්තුවේ පිළිබිඹු කරන්නේ රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක මැතිතුමන්ලා ඉදිරිපත් වුණා. මට වගේම ඔවුන් දෙපළටත් ඡන්දය දීපු සියලුදෙනාට මම ස්තුතියි කරන්න කැමැතියි.

මේ මොහොතේ ප්‍රමුඛතම ප්‍රධානතම අප්‍රමාදම කර්තව්‍යය විය යුත්තේ රට සුවපත් කිරීමයි. සුවපත්රටකට නැවත නැඟිටින්න පුළුවන්. ඒ නිසා අප සියලුදෙනාගේම සහයෝගය ඊට අවශ්‍යයි. අපි හැමදෙනාම කල්පනා කළේ මේ දියන්නාවේ ඉන්න පවුල් 225 ගැන විතරයි. අපි බැලුවේ දියවන්නාවෙන් එළියෙන් ඉන්න පවුල් ලක්ෂ 58 ගැන. ඒ වෙනුවෙන් දියවන්නාවෙන් එපිට ඉන්දියන් සාගරය මැද තියෙන කුඩා දූපතේ මිලියන 22ක ජනතාවත් අපි එක්ක හිටගනීවි කියලා විශ්වාස කරනවා. දේශපාලකයා ශබ්දකෝෂයේ සොයමින් යන වෙලාවක පාර්ලිමේන්තුවේ අපි හැමදෙනාම කළ යුත්තේ අහිමි වූ විශ්වාසය ගොඩනඟා ගැනීම. ඒක ඉලක්කම්වලින් කරන්න බැහැ. හොඳ දේශපාලන අභ්‍යාසයක් තිබිය යුතුයි.

මගේ තාත්තා ඈත එපිට ගමක බුලත් කාපු විදුහල්පතිවරයෙක්. අපි ගම්වලින් මහ හීන තියාගෙන මේ දේශපාලනයට ආපු අය නෙමෙයි. අපි උත්සාහ ගත්තේ සම්මත ප්‍රභූ දේශපාලනය වෙනුවට නිර්ප්‍රභූ දේශපාලනය ආදේශ කරන්න. එය ඉතිහාසයේ සාර්ථක වී තියෙනවා. මගේ පෞද්ගලික කිසිම තරහක් නෑ. මම මගේ කඳවුර කවදාවත් පාවලා දීලා නැහැ. මම කෝටිපතියෙක් නෙමෙයි. සල්ලිකාරයෙක් නෙමෙයි. මම අවංකව දේශපාලනය කරපු කෙනෙක්. ඒ අවංකකමයි රට ඉද්ද්‍රියට ගෙන යන්න අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ.