28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් ජනපති වුණොත් අගමැති බැසිල්?

රනිල් ජනපති වුණොත් අගමැති බැසිල්?

අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වුවහොත් ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ පැමිණෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙය එක්වරම සිදු නොවුණද ක්‍රමිකව සිදුවනු ඇති බවට එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරයෙහි බලතල යම් ප්‍රමාණයක් අඩුකිරීමට නියමිතව ඇති අතර එයින් බලවත් වන අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ නිසි මොහොතේදී ඉදිරිපත් වනු ඇති බවට එම ආරංචිමාර්ග මත පළ කරයි.