ජනාධිපතිවරයා තෝරා ගැනීමෙන් පසු මෙරට අග්‍රාමාත්‍ය ධූරය මේ වන විට පවතින්නේ හිස්වයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රනිල් වික්‍රසිංහ විසින් මෙරට අග්‍රාමාත්‍ය ධූරය හෙඹවූ අතර සියලු දෙනාගේ යෝජනා ලබාගෙන අගමැති ධුරයට මන්ත්‍රිවරයකු නම් කිරීම අද (21) සිදු කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය ධූරය සඳහා මේ වනවිට සිව්දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. සභානායක දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත්, විජේදාස රාජපක්ෂ හා ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා ඒ අතරට අයත්ය.