25.6 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"අපි ඩලස්ව ඉදිරිපත් කළා - ඒත් ඉතින් එයා පැරදුනා"

“අපි ඩලස්ව ඉදිරිපත් කළා – ඒත් ඉතින් එයා පැරදුනා”

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පැවසීය.

ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ඉන් පිටවයන අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අපි ඉදිරිපත් කළා ඩලස්ව. අපි ඡන්දය දුන්නා. පැරදුනා ඉතින්. කවුරු හරි දිනන්න එපැයි. ඡන්ද වැඩියෙන් හම්බුණා.. එයා ජනාධිපති වුණා. ඒක තමයි වුණේ. ඉදිරියේදී මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. කොයි ආණ්ඩුව වුණත් රටේ ජනතාවට වැඩකරන්න ඕනේ.

එක එක මත තිබෙනවානේ. කට්ටියක් කියන්නේ මේක නෙමෙයි ජනමතය කියලා. අපි කියන්නේ මේක තමයි ජනමතය කියලා. දැන් ඉතින් අරගලය කරා ඇති කියලයි මං හිතන්නේ. ගාලු මුවදොර අරගලය කරන තරුණයින් දැන් තේරුම් ගන්න ඕනේ. එළියට ගිහිල්ලා වැඩ කරන්න.