26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලුත් ආණ්ඩුවේ තනතුරු බෙදෙන හැටි - ඇමති ධුර 30යි

අලුත් ආණ්ඩුවේ තනතුරු බෙදෙන හැටි – ඇමති ධුර 30යි

නව ජනාධිපතිවරයා පත් වීමෙන් පසු අලුත් ආණ්ඩුවේ ඇමති ධූර සහ තනතුරු බෙදී යාම පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය ධූරය සඳහා සිව්දෙනෙකුගේ නම් පිළිබඳ මේ වන විට අවධානය යොමුව ඇති අතර සියලු දේශපාලන පක්ෂ එකතුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ඊයේ (20) යෝජනා කළේය.

ඒ අනුව සියලු දෙනාගේ යෝජනා ලබාගෙන අගමැති ධුරයට මන්ත්‍රිවරයකු නම් කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා කර ඇති අතර දිනේෂ් ගුණවර්ධන අගමැති ධුරයට පත්වුවහොත් සභානායක ධුරයට නිමල් සිරිපාල ද සිල්වා හෝ සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රිවරුන්ගෙන් කෙනකු පත් කිරීමටද යෝජනා වී තිබේ.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා තවදුරටත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරයේ කටයුතු කරන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේය. කැබිනට් මණ්ඩලයද කඩිනමින් පත්කිරීමට නියමිත අතර ඇමැති ධුර සංඛ්‍යාව තිහකට සීමා වන බව ආරංචිමාර්ග පැවසීය.

රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාවද තිහකට සීමා කිරීමට සැලසුම් කර තිබේ.