27.2 C
Colombo
Monday, December 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති අද දිවුරුම් දෙයි

ජනපති අද දිවුරුම් දෙයි

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ ජනාධිපතිවරයා දිවුරුම් දෙනු ලබන අතර දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති ධූරයෙහි දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.