― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsණය ගෙවන්න බැරි අයට මහ බැංකුවෙන් සහනයක්

ණය ගෙවන්න බැරි අයට මහ බැංකුවෙන් සහනයක්

වත්මන් ආර්ථික තත්ත්වයන් හෝ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත බැංකු අංශයේ ස්ථායිතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා තිබේ.

මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇති අතර එකී සහනයන්ගේ ප්‍රධාන අංගයන් පහත සාරාංශගත කර ඇත.