26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"මට පිළිකාවක්" - ජෝ බයිඩ්න්ගෙන් හදිසියේම ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

“මට පිළිකාවක්” – ජෝ බයිඩ්න්ගෙන් හදිසියේම ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තමන් පිළිකා රෝගියකු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ, අතහැර දැමුණු ගල් අගුරු පතල් කම්හලක කළ සංචාරය කරමින් මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බයිඩන් එම ප්‍රකාශය කරන වීඩියෝ දසුන් ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. ප්‍රකාශය දුටු බොහෝ දෙනා බයිඩන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමටද කටයුතු කර තිබුණි.

තෙල් පිරිපහදු සහ ගල් අගුරු කම්හල් මගින් පරිසරයට විෂ නිකුත් වන බවත් ඒවා ශරීරයට අහිතකර බවත් රැස්ව සිටි පිරිසට බයිඩන් පෙන්වා දුන්නේය. තමන්ද පිළිකා රෝගියකු බව ජනාධිපති බයිඩන් අනාවරණය කළේ එම අවස්ථාවේදීය.

එම ප්‍රකාශයත් සමඟ බයිඩන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කිරීමට පටන් ගත්හ. ඒ අනුව ධවල මන්දිරය වහා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.

ධවල මන්දිරය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කියා සිටියේ ජනාධිපති ධුරයට පත් වීමට පෙර බයිඩන්ට චර්ම පිළිකාවක් තිබුණු බවත් ඔහු ජනාධිපති ධුරයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ එම පිළිකාවට නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව බවත්ය.