― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමම රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නෙවෙයි - ජනතාවගේ මිතුරෙක්

මම රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නෙවෙයි – ජනතාවගේ මිතුරෙක්

තමා රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නොව ජනතාවගේ මිතුරෙක් බවත් රාජපක්ෂවරුන් සමඟ එක්ව කරයුතු කරමින් තමාගේ පක්ෂය ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳ සොයා බලන බවත් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා ඊයේ (20) සවස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට වැඳ පුදා ගත් අතර එහිදී මාධ්‍යවේදිටෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම ගමන පෞද්ගලික සංචාරයක් ලෙස සැලසුම් කර තිබුණද ඒ පිළිබඳ තොරතුරු දැන ගත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් බොහෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

එහිදී මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ මෙරට ජනතාව වෙනසක් බලාපොරොත්තු වන බවත් පැරණි රාජපක්ෂ හිතවාදියකු වන ඔබ එම වෙනස සිදු කරන්නේ කෙසේද? යන්න කියායි.

මම කොහොමද රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් වෙන්නේ. මම දන්න දා ඉඳලා ඔවුන්ට එරෙහිව සිටි පුද්ගලයෙක්. ඔබ දැන් අද පිටරට ඉඳලා ඇවිල්ලා මගෙන් අහනවා ඔබ රාජපක්ෂ හිතවාදියෙක් නේද කියලා. ඔබ මෙතන ඉන්න ඕන කෙනෙක් ගෙන් අහන්න අර ඉන්නේ රාජපක්ෂගේ මිතුරන්.

මම ශ්‍රී ලංකාවේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනස සිද්ධ කරන්න සූදානම්. මම රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නෙවෙයි මම ජනතාවගේ මිතුරෙක්. මම මීට පෙර ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සමග කටයුතු කර තිබෙනවා. මම කිසිම අවස්ථාවක ඇය වෙනුවෙන් ඡන්දය භාවිත කර නැහැ. ඇය එක් පක්ෂයකට අයිති‍යි මා තවත් පක්ෂයකට අයිතියි.

මා රාජපක්ෂවරුන් සමග එක්ව කටයුතු කරනවා කරනවා කියන එකෙන් මා ඔහුගේ මිතුරෙක් යැයි හැඟෙන්නේ නැහැ. මා එතුළින් බලන්නේ මට තිබෙන අවස්ථාවන් සහ මගේ පක්ෂය ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳ සොයා බලන්නට පමණයි.