28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝල්ෆේස් ප්‍රහාරය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් - මානව හිමිකම් කොමිසම

ගෝල්ෆේස් ප්‍රහාරය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් – මානව හිමිකම් කොමිසම

ගාලු මුවදොර අවට සාමකාමී විරෝධතාකරුවන්ට අද (22) අලුයම හමුදාව විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තරයේ හෙළා දැක තිබේ.

මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම අවධාරණය කරන්නේ අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සඳහා රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක වන කිසිදු ක්‍රියාමාර්ගයක් අනාගතයේ කිසිදාක සිදු නොවන බවට සහතික වන ලෙස මානව හිමිකම් කොමිසම රජයෙන් ඉල්ලා සිටී.