31.1 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ අවිවාහක කාන්තාවන්ට ගබ්සා කිරීමට අවසර

ඉන්දියාවේ අවිවාහක කාන්තාවන්ට ගබ්සා කිරීමට අවසර

ඉන්දීය අවිවාහක කාන්තාවන්ට ගබ්සා කිරීම් සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

25 හැවිරිදි තරුණියක් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම තරුණිය ගැබ් ගැනීමෙන් අනතුරුව පෙම්වතා ඇයව විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇය ගබ්සා කිරීමට අවසර ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති අතර ඒ අනුව කළලයට සති 24 ක් ඉක්ම යෑමට මත්තෙන් අවිවාහක කාන්තාවන්ට ගබ්සා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබාදී තිබේ.