29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජී. එල්. පීරිස්ගේ ඇමති පට්ටම ගැලවෙයි

ජී. එල්. පීරිස්ගේ ඇමති පට්ටම ගැලවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරණ නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද (22) පස්වරුවේ දිවුරුම් දුන්නේය.

එහිදී අමාත්‍යවරුන් 18 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වය දැරූ පෙර පැවති අමාත්‍ය මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් වීම විශේෂත්වයකි.

පෙර පැවති අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය යටතේ ඔවුන් දිවුරුම් දුන් අතර එම අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ට අද (22) දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් හිමි නොවීම විශේෂත්වයකි.

ඒ අනුව ජී.එල්. පීරිස් කටයුතු කළ විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ අලි සබ්රි අද දිවුරුම් දෙනු ලැබීය.