― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි - Breaking

නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි – Breaking

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරණ නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම දිවුරුම් දීමේ උත්සවය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන අතර අද (22) පෙරවරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අතර දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

ඒ අනුව මේ වනවිට කැබිනට් අමාත්‍ය ධුරවල කටයුතු කරන අමාත්‍යවරු මෙලෙස යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීම සිදුකෙරෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත් ඩග්ලස් දේවානන්දා ධීවර අමාත්‍යවරයා ලෙසත්, සුසිල් ප්‍රේම්ජනත අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

එමෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් බන්දුල ගුණවර්ධන, සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල, කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස යළිත් අද දිනයේ දිවුරුම් දුන් අතර රමේෂ් පතිරණ දිවුරුම් දුන්නේ වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍යධුරවලයි.

අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. මේ අතර අලි සබ්රි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. විදුර වික්‍රමනායක බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් අතර කංචන විජේසේකර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

පරිසර අමාත්‍යවරයා ලෙස අහමඩ් නසීර්, රොෂාන් රණසිංහ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍වරයා ලෙසත්, මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර නලීන් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසයි.

ඒ අනුව අද දිනයේ අමාත්‍යවරුන් 18 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.