30 C
Colombo
Thursday, October 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ලොක්කන් 19කට හදිසි ස්ථාන මාරුවක්

පොලිස් ලොක්කන් 19කට හදිසි ස්ථාන මාරුවක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විශේෂ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකර ඇති බලතල පැවරීම ප්‍රකාරව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

ඒ අනුව කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. ජේ. ආර්. ද සොයිසා ජාතික පොලිස් අධ්‍යාපන ආයතනය වෙත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන ජේෂ්ඨ පොලිස් අධිකාරී සී ඩබ්ලිව් වීරසේකර කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙසත් ස්ථාන මාරු කර තිබේ.

සහකාර පොලිස් අධිකාරී පී. බී. කස්තුරිආරච්චි කුරුණෑගල කොට්ඨාසයේ සිට නිකවැරටිය කොට්ඨාසය වෙත, නිකවැරටිය කොට්ඨාසයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී පී. ඩී. ආර්. කුලතුංග කුරුණෑගල කොට්ඨාසය වෙත, බම්බලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න රත්නායක පානදුර කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහාත් ස්ථාන මාරු කර තිබේ.

ඊට අමතරව තවත් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 12 දෙනෙකු සහ පොලිස් පරීක්‍ෂකවරුන් තිදෙනෙකු ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.