27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSocialමහින්ද දේශප්‍රියගෙන් ආණ්ඩුවට සැර කතාවක්

මහින්ද දේශප්‍රියගෙන් ආණ්ඩුවට සැර කතාවක්

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් ඊයේ (21) රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට සටහන් කිහිපයක්ම එක්කරමින් ඔහු සිය අප්‍රසාදය පළ කර තිබේ.

අරගලකරුවන් අද (22) අරගල භූමියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වන අතරතුර බලය යොදා පලවා හැරීමේ මෙහෙයුමක් දියත් කරන්නේ නම් එය අයෝග්‍යය බවයි ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහන දැක්වෙන්නේ.

එමෙන්ම ඔහු තැබූ තවත් සටහන දැක්වෙන්නේ මෙවැන්නක්.
රට හදන්න ඕන නම් ඕකුන්ට නෙලන්න ඕනෙ, වනන්න ඕනෙ කියල ලියන ඒ කියන්නෙ ස්වකීය මතය වෙනුවෙන් පෙනී සිටින නිරායුධ පුරවැසියන්ට ප්‍රහාර එල්ල කිරීම අවශ්‍ය බව සිතන මගේ මිතුරු ලැයිස්තුවේ සිටින සැම දෙනා, මා අන්ෆ්‍රෙන්ඩ් කිරීමට කාරුණික වන්නේ නම් කෘතඥ වෙමි. කෙසේවුවද ඕනෑම උද්ඝෝෂණයක් විරෝධතාවක් නිෂ්ප්‍රචණ්ඩත්වය හා අවිහිංසාව මත පදනම් විය යුතු බවට මා දරන මතය ඉහත ඡේදය නිසා නිෂේධනය නොවන බව සටහන් කරනු රිසියෙමි. අන්ෆ්‍රෙන්ඩ් නොවන එවැනි අය ඉවත් කිරීමට පියවර ගනිමි.

මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමට එක්කර සටහන් පහතින්,