27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කොමිසමෙන් පොලීසියට රතු එළි

මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට රතු එළි

අද (22) අලුයම ගාලුමුවදොර ඇති වූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී හදිසි නීතිය භාවිත කර රටේ සාමාන්‍ය නීතිය ඉක්මවා නොයන්නැයි මානව හිමිකම් කොමිසමට පොලිසියට දන්වා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටින්නේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවයි.

හදිසි නීතිය මඟින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සාහ ගැනීම නීතියේ ආධිපත්‍යය පළුදු කරන බවද එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස රටේ සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් හදිසි නීතිය අසාධාරණ ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙසත් රටේ සාමාන්‍ය නීතිය අභිබවා නොයන ලෙසත් පොලිස්පතිවරයාට එම කොමිසම නියෝග කර තිබෙනවා.