28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ගෝල්ෆේස් එයි

මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ගෝල්ෆේස් එයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් නිරීක්ෂණ කටයුතු සඳහා අද (22) පෙරවරුවේ ගාලු මුවදොර ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සමගද, එම ප්‍රදේශයේ යොදවා ඇති පොලිස් නිලධාරීන් සමගද මොවුන් කතාබස් කර කරුණු රැස් කර තිබේ.

ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ තත්ත්වය පිරික්සීමටද ඔවුන්ට පොලිසිය විසින් අවසර ලබාදී තිබුණි.

ගාලු මුවදොර අවට සාමකාමී විරෝධතාකරුවන්ට අද (22) අලුයම හමුදාව විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් මීට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසා තිබුණි.

මෙය විධායකය ගත් ක්‍රියාවන් විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් බව එම නිවේදනයේ දැක්වේ.

අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙවැනි ක්‍රියා රජයේ පාලනය තුළ යළි නොවීමට පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා සිය සංවිධානය විසින් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවද පවසා ඇත.