27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමේ රජය යන්නෙත් පරණ රජය ගිය පාරේමයි - ලක්ෂ්මන් කිරිඇල්ල

මේ රජය යන්නෙත් පරණ රජය ගිය පාරේමයි – ලක්ෂ්මන් කිරිඇල්ල

අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙන බව පක්ෂ නායක රැස්වීමේදී නව ජනපති පොරොන්දු වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කලේ අද (22)කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පැය 24න් අරගලකරුවන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදීත් රටේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුකරමින් එල්ල කළ මෙම ප්‍රහාරය හෙළාදකින බවත් කිරිඇල්ල එහිදී අවධාරණය කළේය.

මෙම සාමකාමී අරගලය දෙස මුළු ජාත්‍යන්තරයම බලගෙන හිටියා. එමෙන්ම ඔවුන් ප්‍රකාශ කර තිබුනා පැය 24ක් ඇතුළත මෙම අරගලය තාවකාලිකව නවත්වන බවත්. එසේ තිබියදී මෙම පහරදීම ගැන අපිට කිසිසේත්ම පිළිගන්න බැහැ. අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියලා පසුගියදා පක්ශ නායක රැස්වීමේදී නව ජනාධිපතිවරයා අපිට පැහදිලිවම කිව්වා. පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදී අහිංසක අරගලකරුවන්ට, නීතිඥ මහත්වරුන්ට, මාධ්‍යවේදීන්ට, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට පහරදීම අපේ ප්‍රතිරූපයට විශාල හානියක්. අපේ රට බංකොලොත් වෙලා තියන අවස්ථාවක විශේෂයෙන්ම බටහිට රටවල්වලින් අපි උදව් ඉල්ලන අවස්ථාවක මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට දැමීමක්. ඒවාගෙම දැනටමත් මෙම ප්‍රහාරය යුරෝපා හවුල, මහා බ්‍රිතාන්‍ය, ඇමෙරිකව, කැනඩාව වැනි රටවල් තරයේ හෙලා දැකලා තියනවා. දැනටමත් අපේ රටට විරුද්ධව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ යොජනාවක් සම්මත වෙලා තියනවා. දැන් මේ ප්‍රශ්න ඒවාට එකතු වුනාම අපිට විශාල ජාත්‍යන්තර අර්බුදයකට මුහුණදෙන්න සිද්ද වෙනවා. මේ රජය යන්නෙත් පරණ රජය ගිය පාරේමයි කියන එක ඉතාමත් පැහැදිලියි.