― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅංකයට අනුව ඉන්ධන දීමත් 01 වැනිදායින් නවතී

අංකයට අනුව ඉන්ධන දීමත් 01 වැනිදායින් නවතී

හෙට (26) සිට ඉන්ධන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසයි.

ඊට අමතරව අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම අගෝස්තු 01 වැනිදා සිට නතර කරන බව අමාත්‍යවරයාගේ එම ට්විටර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එමෙන්ම ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සභාවේ සාමාජිකයින් ස්වේච්ඡාවෙන් ඉදිරි දින 10 සඳහාද ඉන්ධන පිරවුම්හල්වල වැඩසටහනට සහාය දක්වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.