30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට පාසල් යළි ඇරඹේ

අද සිට පාසල් යළි ඇරඹේ

ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) දිනයේදී සුපුරුදු පරිදි ආරම්භ කර තිබේ.

අද සිට නැවත දැනුම් දෙනතුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින තුන පමණක් සාමාන්‍ය වේලාවන්හිදී පාසල් පැවැත්විය යුතු අතර එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල දරුවන්ට නිවෙස් පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතුය.

2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන අතර දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාල වකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේය. පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සංශෝධිත විෂය නිර්දේශ ලබාදීමට කටයුතු කෙරෙන අතර අද සිට ඊට අදාළව ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතුය. මෙහිදි පළමු වාර පරීක්ෂණ නොපැවැත්වේ.