ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට මග වැරදුණු බව තමන් පිළිගන්නා බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පවසයි.
නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට වෙලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ මත ගැටුම් මෙම අර්බුදයට මග පෑදූ බවද හෙතෙම සතිඅන්ත ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.
“අපි අපේ බලවේග ඉක්මනින් ඈත්කර ගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා. අපේ රජයට වැරදුණේ එතැනින්.“