― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅලුතින් ඇමතිවරු 12ක්! - රාජ්‍ය ඇමතිවරු 30ක්!

අලුතින් ඇමතිවරු 12ක්! – රාජ්‍ය ඇමතිවරු 30ක්!

සෑම පක්ෂයකටම එක් අමාත්‍ය ධූරය බැගින් පිරිනමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරි සති 02 තුළ මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති අතර එම සර්ව පාක්ෂික ආණ්ඩුව බිහි කිරීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සඳුදා සිට සාකච්ඡා ආරම්භ කරන බවත් අරගලකරුවන් සමඟද සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවත් වාර්තා වෙයි.

ඇමති මණ්ඩලය 30කටද, රාජ්‍ය අමාත්‍යවරුන් 30කටද සීමා කරමින් ස්ථීර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සැලසුම් කර තිබෙන අතර සර්ව පාක්ෂික ආණ්ඩුවේදී පසුගියදා පත් කළ භාරකාර ආණ්ඩුවේ ඇමතිවරු වෙනස් නොවන අතර තවත් ඇමැතිවරු 12 දෙනෙකු පත් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පැවසයි.

එහිදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු 3 – 6 අතර පිරිසකට ඇමති ධූර හිමිවීමට නියමිත අතර පක්ෂ නායකයින්ටද ඇමති ධූර හිමිවීමට නියමිතය.

ඒ අතර රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, ජීවන් තොන්ඩමන් වැනි පක්ෂ නායකයන් සිටින බව වාර්තා වෙයි. රාජ්‍ය ඇමතිවරුන්ගේ ලේඛනයද මේවන විට සකස් කරමින් පවතින බව වාර්තා වන අතර ඒ සඳහා සියලු පක්ෂවල මන්ත්‍රීවරු පත්කිරීමට නියමිතය.

නවක මන්ත්‍රීවරු කිහිපදෙනෙකුටම රාජ්‍ය ඇමති ධූර හිමි වන අතර ස්ථීර ඇමති මණ්ඩලය පත් කිරීමේදී ඇතැම් ඇමතිවරුන්ගේ විෂය පථය වෙනස් වීමට නියමිතය. එමෙන්ම මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම්කළ එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනට අමාත්‍ යධුරයක් පිරිනැමීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍ රීධුරය සඳහා වජිර අබේවර්ධන නම්කරනු ලැබූ අතර ලබන 27 වැනිදා වජිර අබේවර්ධන සිය මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

හිටපු අමාත්‍ය සාගල රත්නායකද රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ.