32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති මන්දිරයෙන් සොරකම් කළ භාණ්ඩ විකිණීමට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට

ජනපති මන්දිරයෙන් සොරකම් කළ භාණ්ඩ විකිණීමට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට

ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයින් තිදෙනෙක් වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 09 වැනිදා විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී, එහි ජනෙල් තිර රෙදි එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබූ රත්‍රං පැහැති පිත්තල බෝල 40ක් සොරාගෙන, පසුව පැරණි භාණ්ඩ ලෙස අලෙවි කිරීමට සූදානම්ව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය, ඔබේසේකරපුර පදිංචි 28, 34 හා 37 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි.

මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ජනාධිපති මන්දිරයේ විමර්ශන කටයුතු මෙහෙයවනු ලබන කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.