27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතෙල් නොදුන්නොත් අන්තර් පළාත් බස් ධාවනයෙන් ඉවත් වෙනවා

තෙල් නොදුන්නොත් අන්තර් පළාත් බස් ධාවනයෙන් ඉවත් වෙනවා

ඉන්ධන හිඟය හේතුවෙන් අද (25) අන්තර් පළාත් ඇතුළු පෞද්ගලික බස් රථ ධාවනයේ විශාල අඩුවක් දක්නට ලැබිණි.

මේ හේතුවෙන් මගීහු දැඩි පීඩාවට ලක් වූ අතර අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර කියා සිටියේ අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් අද (25) ධාවනය වූයේ බස් රථ 300ක පමණ ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළේය.

ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබා දෙන බව රජය ප්‍රකාශ කළත් එම වැඩපිළිවෙළ සාර්ථක නොවන බවත් අන්තර් පළාත් බස් රථ සඳහා ඩීසල් ලබාදීමට රජය මේ සතිය තුළ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් කර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.