31.1 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද අපරාධ යටතේ ගෝඨාභය රාජපක්ෂ වහා අත්අඩංගුවට ගන්න

යුද අපරාධ යටතේ ගෝඨාභය රාජපක්ෂ වහා අත්අඩංගුවට ගන්න

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධ සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතීඥයින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2009 සිවිල් යුද්ධයේදී රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවත් මේවා විශ්ව අධිකරණ බලය යටතේ සිංගප්පූරුවේ දේශීය නඩු පැවරීමට යටත් වන අපරාධ බවත් පිටු 63 කින් යුත් පැමිණිල්ලකින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කර ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංඝනය කර ඇති බවට නීතිමය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.