29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"රනිල්ට එරෙහිව සටන් කරන ජනතාවට මං සහයෝගය ලබාදෙනවා" - සරත් ෆොන්සේකා

“රනිල්ට එරෙහිව සටන් කරන ජනතාවට මං සහයෝගය ලබාදෙනවා” – සරත් ෆොන්සේකා

මහජන නැගිටීම අන් සියල්ලටම වඩා බලවත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂලාට පලා යාමට සිදු වූ බවත් ජනාධිපතිවරයා එය තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට හමුදාව එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වග කිව යුතුයි. උද්ඝෝෂකයන්ට චෝදනා කරන ආකාරයේ අදහස් පළකිරීමත් ඔහු නතර කළ යුතුයි.

ජනතා බලය කිසිවිටෙක ආයුධ බලයෙන් යටපත් කරන්න බැහැ. රාජපක්ෂලා ඉහළම තනතුරුවලින් එළවා දැමුවේ මේ ජන බලයයි. මේක රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. රනිල්ට එරෙහිව හිස් මුදුණින් සටන් කරන ජනතාවට මගේ සම්පූර්ණ සහයෝගය දිගටම ලබාදෙනවා.”