28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයන් තවත් මාසයක් නිවසේ සිට වැඩ

රාජ්‍ය සේවකයන් තවත් මාසයක් නිවසේ සිට වැඩ

රාජ්‍ය සේවකයන්ට තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ‍සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ (24) සිට තවත් මාසයක කාලයක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීම සිදුවේ.

කෙසේ වෙතත් ඉන්ධන බෙදාහැරීම යථා තත්ත්වයට පත්වෙමින් පවතින හෙයින් ඉදරියේදී පොදු ප්‍රවාහන සේවාවද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම මත නිවසේ සිට රාජකාරී කළ නොහැකි සේවකයන් සේවයට කැඳවීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය කැඳවීමට මෙම චක්‍රලේඛය බාධාවක් නොවන බවද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙයි.