29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවහාම මහ මැතිවරණයකට යා යුතුයි - හිටපු මැකො

වහාම මහ මැතිවරණයකට යා යුතුයි – හිටපු මැකො

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ජනතාව විසින් ලබාදුන් ජනවරම මේ වනවිට අහෝසි වී ඇති බැවින් හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා අලුත් ජන වරමකට ඉඩ සැලසිය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් මැතිවරණ පවත්වන්නේ නම් ඒ සඳහා වියදම් දැරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකි බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා සඳහන් කරනවා.

කිසිදු දීමනාවක් ලබා නොගෙන මැතිවරණ රාජකාරිවල නිරතවීමට සූදානම් බව රාජ්‍ය නිළධාරීන් මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බැවින් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මැතිවරණයක් පැවැත්වීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවද මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා.