30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසොත්ති උපාලිගේ පුත්‍රයා අත්අඩංගුවට

සොත්ති උපාලිගේ පුත්‍රයා අත්අඩංගුවට

යතුරුපැදියකින් ඉන්ධන ලබාගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින් අද (25) අලුයම බොරැල්ල කාසල් වීදිය ප්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමකින් 40 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පාතාල කල්ලි නායකයෙකු වන ‘සොත්ති උපාලිගේ’ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඔහු බොරැල්ල ප්‍රදේශයේ තම නිවස අසළ පදිංචිව සිටින මියගිය පුද්ගලයාගේ යතුරුපැදියෙන් ඉන්ධන ලබාගෙන ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇත.