27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsQR ක්‍රමවේදයටත් බාලගිරි දෝෂය හරස් වෙයි

QR ක්‍රමවේදයටත් බාලගිරි දෝෂය හරස් වෙයි

ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර සඳහන් කළේය.

කෙසේ වෙතත් එම ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

QRර්‍ ක්‍රමවේද හඳුන්වා දුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කළේ පවතින තත්ත්වය තුළ අද (25) දිනයේදීත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

මෙය දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.