26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගෝස්තු මාසයේ මැදින් පසුව ඉන්ධන මිලදී ගැනීම අවධානමක

අගෝස්තු මාසයේ මැදින් පසුව ඉන්ධන මිලදී ගැනීම අවධානමක

ලබන මස ආරම්භය දක්වා ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීම පිළිබඳ අවිනිශ්චිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඒ ගෙවීම් කර ඇති පසුබිමකයි. වාහන සඳහා අවශ්‍ය වන ඉන්ධන වියදම ඩොලර් මිලියන 350 – 400ක් අතර ප්‍රමාණයක් වන අතර ඒ සඳහා අවශය මුදල් සංචිත ලබා ගැනීම සඳහා ඉන්දියාවේ හෝ වෙනත් විදේශ රටකින් ලබා ගැනීමට සිදු වන බවත් මේ මොහොතේ එවැනි මූල්‍ය ණයක් ලබා ගැනීම අවධානම් සහ අපහසු බව‍යි හෙතෙම පැවසුවේ. ලබන මාසයේ මැද වන තුරු පමණක් හිඟ ඇතිව හෝ ජනතාවට ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බවයි මහබැංකු අධිපතිවරයා පැවසුවේ.

ඉන්දියාව, චීනය හෝ වෙනත් රටක් ඩොලර් බිලියනයක් පමණ ලබා දුන්නොත් අඩු ම තරමින් මාස තුනක් පමණ ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දිය හැකි බවත්, එසේ නොවුණහොත් ඉන්ධන අර්බුදය දිගටම පැවතිය හැකි බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.