27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

අද පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර හෙට (27) විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

දැනට ක්‍රියාත්මක හදිසි නිතී රෙගුලාසිවලට අදාළ පාර්ලිමේන්තු විවාදය වෙනුවෙන් මෙය ප්‍රකාශයට පත් කර ඇති අතර හදිසි නීතිය ප්‍රකාශයට පත් කර දින 14ක් ඇතුළත ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතුය.

ඒ සඳහා වන විවාදය හෙට (27) උදෑසන 10 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වේ. දිවා විවේකයෙන් තොරව හෙට පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.