31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅලුත උපන් බිළිඳාගේ ජීවිතය බිලිගත් දොස්තර වසර 05කට පසු කොටු වෙයි

අලුත උපන් බිළිඳාගේ ජීවිතය බිලිගත් දොස්තර වසර 05කට පසු කොටු වෙයි

දරු ප්‍රසූතියෙන් පසු බිළිඳෙකු ඝාතනය කර එම බිළිඳු මළ සිරුර ළිඳකට දැමීමේ සිද්ධියකට අදාළව පොලිසිය විසින් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 2017 වසරේ උඩුමහල පාර, මඩකලපුව ප්‍රදේශයේ බිළිඳු මළ සිරුරක් ළිඳක් තුළ තිබී හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මඩකලපුව පොලීසිය විසින් අදාළ විමර්ශන සිදුකර ඇති අතර සැකකාර වෛද්‍යවරයා මහනුවර රෝහලට අනුයුක්තව සේවය කළ අයෙක් බව වාර්තා වෙයි. සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 36 හැවිරිදි වියේ පසුවෙන්නෙකි.

සැකකාර වෛද්‍යවරයා 2017 වසරේදී තම බිරිඳ සමඟ උඩුමහල පාර, මඩකලපුව ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පදිංචිව සිට ඇති අතර එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවසේදී දරු ප්‍රසූතියක් සිදුකර ඇති අතර එහිදී බිළිඳාගේ හුස්ම හිරකර ඝාතනය කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

සැකකාර වෛද්‍යවරයා අද (26) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.