― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන ජාවාරම් වටලන පොලිස් නිලධාරීන්ට මුදලින් තෑගි

ඉන්ධන ජාවාරම් වටලන පොලිස් නිලධාරීන්ට මුදලින් තෑගි

ඉන්ධන ජාවාරම් සම්බන්ධව සිදුකර පොලිස් වැටලීම්වලදී ඊට එක්වන පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් පිරි නැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සත්‍ය වශයෙන්ම වැටලීම් සඳහා සහභාගී වූ නිලධාරීන්ට පමණක් ත්‍යාග මුදල් තීරණය කිරීම පොලිස් ස්ථානාධිපතිවරයාගේ වගකීමක් වනවා.

එලෙස පිරිනැමෙන ත්‍යාග මුදල් සම්බන්ධව පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන ලීටර් 100ට දක්වා සිදුකරන වැටලීම් වලදී රුපියල් 50,000ක උපරිම ත්‍යාග මුදලක් අනුමත කළ හැකි අතර ඉන්ධන ලීටර් 100 සිට 500 දක්වා සිදුකරන වැටලීම් වලදී රුපියල් ලක්ෂ දෙකක උපරිම ත්‍යාග මුදලක් අනුමත කළ හැකි බව එහි සඳහන්.

එමෙන්ම ලීටර් 100 සිට 1000 දක්වා සිදුකරන වැටලීම් වලදී රුපියල් ලක්ෂ තුනක උපරිම ත්‍යාග මුදලක් ලබාදීම සිදුකරනු ලබනවා.