31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල්ගේ වැඩ නිසා මහබැංකුවේ සංචිත බිංදුවටම වැටුණා

කබ්රාල්ගේ වැඩ නිසා මහබැංකුවේ සංචිත බිංදුවටම වැටුණා

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ මාස 06 ප්‍රතිපත්ති ප්‍රකාශය මහ බැංකුව තුළ ක්‍රියාත්මක වී නොතිබූ බව වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පමණක් නොව තවත් කාරණා ගණනාවක් ක්‍රියාත්මක කර නොතිබූ බවත් මෙච්චර ණය ලැබෙන බවටද හිටපු අධිපතිවරයා ප්‍රකාශ කර තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු මහබැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය මාර්ග සිතියමෙන් පසු සංචිත බිංදුවට වැටුණු බවත් පෙන්වා දුන් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ කබ් රාල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය පොලී කපා හැරීමක් ක්‍රියාත්මක නොකළ බවත්ය.